ආතතියෙන් තොරව ඉගෙන ගැනීම සඳහා සරල උපක්‍රම 5 ක් .

ඔබ පාසල් වයසේ සිසුවෙක් විය හැක. නැතිනම් විශ්වවිද්‍යාල සිසුවෙක් විය හැක. නැතිනම් ඔබ රැකියාවක් කරන ගමන් ඉගෙන ගන්නා අර්ධකාලින සිසුවෙක් වියහැක. එසේ එකී මෙකි නොකී සුවහසක් සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ එකම පැතුම නම් නිරන්තරයෙන් තමාට ලැබී ඇති අධ්‍යාපන අවස්ථාව තුල ඉතා විශිෂ්ට ලෙස ප්‍රතිපල ලබා ගැනීමය. නිරන්තරයෙන් විශිෂ්ට සාමාර්ථයන් ලබා ගැනීමට නම් තම අධ්‍යන කටයුතු සදහා නිරන්තරයෙන් තම කාලය සහ ශක්තිය කැප කිරීමට සිදු වෙනවා. එසේම විටක ඔබට එය එක්තරා විදිහකින් ආතතිය ගෙන දෙන ක්‍රියාවලියක් වෙන්නත් පුළුවන්.

දුර්වල පෝෂණය, ප්‍රමාණවත් ලෙස නින්දක් නොලැබීම, ඔබට ඉදිරියට ඇති විභාග පිළිබද සිතමින් ඉතා අධික ලෙස කනස්සල්ලට පත් වීම, අධික ලෙස පාඩම් කිරීම, නිරන්තරයෙන් කට පාඩම් කිරීමට උත්සහ කිරීම සහ විශේෂයෙන්ම, තම සම වයසේ මිතුරන් අතර තිබෙන තරඟකාරීත්වය සහ යම් විටකදී දෙමවුපියන්ගෙන් එල්ලවන පීඩනය යන කාරණා නිසා ඔබ යම් කිසි විදිහකින් ඔබ නොදැනුවත්වම ආතතියට පත්වෙන්න පුළුවන්. එසේ ඇතිවන අධික ආතතිය නිසා නිදාගැනීමේ අපහසුතාවන්, කනසල්ලෙන් පිරි සිතුවිලි මනසට පැමිණීම සහ සාංකාව වැනි සාධක නිසා ඔබේ අධ්‍යන ක්‍රියාවලියට යම් බාධා ඇති වන්නට පුළුවන්.

සිසුවෙකු ලෙස ඔබ නියත වශයෙන්ම, මෙවැනි අවස්ථාවකට මුහුණ දියයුතු ආකාරය පිළිබද හරිහැටි අවබෝධයක් ලබාගැනීම ඉතාම අත්‍යාවශ්‍යයි. මෙම ලිපිය තුලින් පැහැදිලි කිරීමට බලාපොරුත්තු වෙන්නේ මෙවැනි අවස්ථාවන් මඟහරගැනීම සඳහා යොදාගත හැකි සරල උපක්‍රම 5 ක් පිලිබදවයි.

1. ඔබේ කාලය කළමනාකරණය කරන්න –


විභාගයක් සදහා සුදානම් වන විට වඩාත් අත්‍යවශය වන්නේ නිසි කාල කළමනාකරණ ක්‍රියාවලියකි. විශේෂයෙන්ම ඔබගේ දවසේ ක්‍රියාකාරකම් දෙස සැලකිල්ලට ගෙන ඉගෙන ගත් දෙය නැවත පිරික්සීම සඳහා සුදුසු කාලසටහනක් සකස් කරගන්න. තමාගේ විෂයන් වලට ඇති හැකියාවට අනුරූපව ඊට අදාලව සුදුසු ලෙස විෂයන් අධ්‍යන කිරීම සඳහා කාලය වෙන් කරගන්න. මෙවැනි කාලසටහනක් ඔබගේ අධ්‍යන වර්ෂය මුල සිට සකසා ගැනීම තුලින් විභාග පවත්වන කාල තුලදී කිසිදු අනිසි භියකින් තොරව මනාලෙස විභාගයට හොඳ මානසිකත්වයකින් මුහුණ දියහැක. නමුත් නිසි ප්‍රතිපල ලබාගැනීමට නම් යම් බැතිමතෙකු තම අදහන ආගම හා දර්ශනය නිසි පරිදි අනුගමනය කරන්නා සේ ඔබ විසින් සකසාගත් එම කාලසටහන අනුගමනය කිරීම අනිවාර්ය වේ.


2.කෙටි සටහන් සකස් කරන්න

විෂයන්ට අදාල ඉතා සුවිශේෂී කරුණු සංක්ෂිප්ත කර සටහන් සාදා ගැනීම තුලින් තමාට ඇති ඒ අදාල විෂය යම් කිසි විදිහකින් පුර්ණ ලෙස මතක තබා ගැනීමට හැකියාව ලැබෙනවා. උදාහරණයක් ලෙස ඔබ යම් කිසි විෂයක පෙළපොත කියවා තේරුම් ගෙන එහි ඇති කරුණු සංක්ෂිප්ත කරගැනීම තුලින් ඒවා නැවත නැවත කියවීමෙන් අදාල විෂය සම්බන්ධව පුර්ණ දැනුමක් සහ මතකයක් ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙනවා.


3.හැමදාම පාඩම් කරන්න


ඔබ හැමදාම පාඩම් කරනවානම් ඒ දේවල් ලේසියෙන්ම කිසිම ආයාසයකින් තොරව ඔබගේ මනසේ තැම්පත් වෙනවා. හැමදාම ඒ විදිහට තමන් ඉගෙනගත් දෙය නිතරම ආවර්ජනය කරනවානම් විභාගයක් කිට්ටු වුනහම ඔබ කිසිම භයකින් හෝ සැකයකින් තොරව හොදින් එයට පිළිතුරු දිමිට හැකියාව ලැබෙනවා.

4. පාඩම් කරන විට අවධානය වෙනතක යොමු නොකරන්න

විශේෂයන්ම ෆේස්බුක් සහ ට්විටර් ඇතුළු විවිද සමාජ මාධ්‍ය වෙබ් අඩවි නිසා ඔබේ අවධානය විශාල ලෙස වෙනතකට යොමු කරනවා පමණක් නොව, නවතම සමීක්ෂණ වලින් හෙළිවී ඇති කාරණා වලට අනුව සමාජ මාධ්‍ය කිසිම නියමනයකින් තොරව එතුල බොහෝ වෙලාවක් ගතකිරීම තුලින් අපිට යම්කිසි දෙයක් මගහැරේවි යන භීතියත් සහ ආතතියත් තමා තුලට පැමිණීමට ඇති සම්භාවිතාවය බොහෝ සෙයින් වැඩිබව. අනික ඔබට වැඩ කිරීමට අවකාශය සැලසී ඇතිවිට ඔබේ මිතුරු මිතුරියන් ඔවුන්ගේ නිදහස් කාලය බුක්ති විදින ආකාරය දැක්වෙන චායාරුප බැලීම තුලින් ඔබට ලැබෙන ඵලය කුමක්ද? කිසිවක් නැහැ නේද?

5. නව පරිගණක යෙදුම් භාවිතා කිරීම

තාක්ෂණයේ දියුණුවත් සමඟ විවිධ විෂයන් ඉගෙන ගැනීම සඳහා විවිද මෘදුකාංග යෙදුම් නිර්මණය කර ඇත. එවැනි අධ්‍යනය මෘදුකාංග යෙදුම් විශාල වශයෙන් අන්තර්ජාලය තුලදී අපට දැකගත හැක. PicknLearn යනු එවැනි ඉතා අනර්ග යෙදුමකි. මෙවැනි යෙදුමක් ඔබේ දුරකථනය තුල ඉස්තාපනය කරගැනීම ඔබට අවශ්‍ය ඕනෑම විෂයක් සම්බන්ධයෙන් අවශ්‍ය විෂය කරුණු, විෂයන්ට අදාල දේශන නැරබිමේ හැකියාව සහ භාගතකර ගැනීමේ හැකියාව සහ ඔබට අවශ්‍ය නම් ඔබේ නිවසට ආසන්නයේ සිටින ගුරුවරයකු සොයාගෙන ඔවුන්ගෙන් දැනුම ලබා ගැනීමේදී වැනි පහසුකම් වලින්ද සමන්විතය.


Leave a Comment

Your email address will not be published. Required fields are marked *