pick n learn

“PicknLearn” යනු කුමක්ද?

අධ්‍යාපනය යනු අප සියලු දෙනාගේ මුලික අයිතිවාසිකමක් වන අතර ජිවිතයේ ජයග්‍රහණය කරා ගෙනියන මුලික අඩිතාලමද එයයි. නිසි ක්‍රමවත් අධ්‍යාපනයක් ලැබීම තුලින් අපගේ මනස සහ පෞර්ෂය ධනාත්මක චින්තනයක් කරා ලඟා කරවීම මඟින් තමන්ගේ අරමුණු සහ බලාපොරොත්තු නිසි පරිදි සාක්ෂාත් කරගැනීමට උපකාරීවේ.

නිසි අධ්‍යාපනයක් ලැබීමට වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය, එහෙම නැතිනම් තමාගේ පසුබිම හෝ සමාජ මට්ටම, මේ කිසිවක් එයට අදාළ නොවේ.

නිසි ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීමට ආශා කරන කුමන වයසක හෝ තරාතිරමක සිසුන් වේවා එසේම, එම සිසුන්ගේ අධ්‍යාපන පිපාසය නිවීම සඳහා දක්ෂ ගුරුවරුන් සොයා ඔවුනට වටිනාකමක් ලබාදෙමින් ගුරුවරුන් හා සිසුන්ව සම්බන්ධ කළහැකි මෘදුකාංගයක් නිපදවීමට අපගේ කණ්ඩායම සමත් වුණා. එම පරිගණක වැඩසටහන ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයෙහි ස්ථාපිත (Install) කල හැකි ඇප් එකක් දක්වා වැඩි දියුණු කිරීමට අප සමත් වුණා. අපි එය “PicknLearn” ලෙස අප කණ්ඩායම විසින් නම් කළෙමු.

“PicknLearn” යනු කුමක්ද?

PicknLearn යනු ඉතා සරල මොබයිල් ඇප් (Mobile App) එකක් වන අතර මෙහි මුලික පරමාර්ථය වනුයේ ඔබේ අධ්‍යාපන කටයුතු වේගවත්ව, කාර්යක්‍ෂමව සහ ඉතා හොඳින් කරගෙන යාම සඳහා අවශ්‍ය කරන පහසුකම් සලසා දීමයි.

මෙම මෘදුකාංගය ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනය තුල ස්ථාපනය (Install) කරගැනීම තුලින් සිසුන්ට, ඔවුන්ගේ විෂය අවශ්‍යතා සපුරාලීමට හැකි ගුරුවරුන් හා සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙන අතර විශාල කණ්ඩායම් පන්ති වෙනුවට, සිසුවාගේ රුචිඅරුචිකම් වලට සරිලන පරිදි ඉතා විශිෂ්ට ඉගෙනීමේ අත්දැකීමක් ලබාගත හැක.

එමෙන්ම මෙම ඇප් එක ක්‍රියත්මක වීමේදී ඔබ සිටිනා ප්‍රදේශය හෝ තෝරාගත් ප්‍රදේශයක් පදනම් කරගනිමින් ගුරුවරුන්ට, ඔවුන්ගේ විෂයන් හා සබැඳි උපකාරක පංති පිළිබඳව විස්තර පළකිරීමට PicknLearn ඇප් එක තුල අවස්ථාව සලසා දෙන අතර එමඟින්, සිසුන්ට හෝ ඔවුන්ගේ දෙමාපියන්ට ඇප් එක තුල ගුරුවරුන් පලකළ ඇති විස්තර ඇසුරෙන් ඔවුන්ගේ පහසුව අනුව තමන් ඉගෙනීමට කැමති විෂයක් සම්බන්ධයෙන් තම ප්‍රදේශය අවටින් ගුරුවරයකු තෝරාගෙන ඇප් එක හරහා උපකාරක පංති සැසිවාරයක් වෙන්කරවා ගැනීමට හැකියාව පවතී. 

ඔබ අපව තෝරාගත යුත්තේ ඇයි?

PicknLearn හරහා සිසුන්ට ඉතා පහසුවෙන් තම අධ්‍යාපනික අවශ්‍යතාව මත දිවයිනේ සිටින දක්ෂ ගුරුවරුන් සොයාගැනීමට හැකියාව පවතින අතර එමෙන්ම ගුරුවරුන්ටද, ඉගෙනීමට ලැදි සිසුන්ව මෙතුලින් සොයාගත හැක.

නිසි ක්‍රමවත් අධ්‍යාපන අවස්ථාවක් ලබාදීම වෙනුවෙන් ඉගෙනීමට ලැඳි සිසුන්ට උපකාර කිරීමත්, වඩාත් පහසු නිවැරදි ක්‍රමවේදයක් තුලින් ගුරුවරුන් සහ සිසුන් එකිනෙකා සම්බන්ධ කිරීම” යන තේමා පාඨය මුලික කරගනිමින් ඉතා ඉහල ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි බැඳී සිටින්නෙමු.

ඔබ ඉගෙන ගැනීමට ආස සිසුවෙක් හෝ සිසුවියක්ද?

  • ඔබට අවශ්‍ය දේ, ඔබට අවශ්‍ය ආකාරයට ඉගෙන ගන්න.
  • නිවසේ සිටීම ඔබට අවශ්‍ය උපකාරක පන්තිය සොයාගන්න.
  • ඔබේ ඉගෙනුම් අවශ්‍යතාවන් ඇප් එක මත පළකිරීම තුලින් ඔබ අවට සිටින සුදුසුකම්ලත් දේශීය ගුරුවරුන් හා උපදේශකයින් ඇප් එක මඟින් සොයා ගන්න.

ඔබ ඉගැන්වීමට දක්ෂ සහ සුදුසුකම්වලින් සපිරි ගුරුවරයෙක් හෝ ගුරුවරියක්ද?

  • ඔබ කැමති දේ, ඔබ කැමති ආකාරයට උගන්වන්න.
  • ඔබ ආදරය කරන දේ උගන්වන්න.
  • ඔබේ ගුරු වෘත්තිය ගොඩනගාගන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න! උපකාරක පන්ති රැකියා අවස්ථා, සහ සිසුන්ව අප සොයා දෙන්නම්!

PicknLearn ඇප් එක ක්‍රියා කරන්නේ කෙසේද?

හරිම සරලයි!

  • පලමු පියවර

මෙය පරිශීලකයන්ට කිසිදු මුදලක අයකිරීමකින් තොරව Android උපාංග (ස්මාර්ට් ජංගම දුරකථන, සහ ටැබ් පරිගණක) සඳහා නොමිලේම Google Play Store හරහා බාගත (Download) කල හැක. තව නොබෝදිනකින් සියලුම ඇපල් IOS උපාංග සඳහා මෙම මෘදුකාංගය හදුන්වාදීමට නියමිතයි.

  • දෙවැනි පියවර

මෙම මෘදුකාංගය ඔබේ Android උපාංගයේ install කිරීමෙන් පසු ඔබේ Android උපාංගයේ Location Access (තමන් සිටින ස්ථානය) පහසුකම සක්‍රීය කිරීම සඳහා ඔබෙන් අවසර ඉල්ලා සිටිනවා. එවිට Grant Permission යන ටැබ් එක කිල්ක් කරන්න.

එය ක්ලික් කිරීමෙන් පසු මතුවන ඩයලොග් බොක්ස් එකෙහි Allow යන Tab එක කිල්ක් කරන්න.

  • තුන්වන පියවර

ඉන්පසුව ඔබට නව ගිණුමක් ආරම්භ කිරීම හෝ දැනට ඔබ විසින් පෙර සකසන ලද ගිණුමට ඇතුල් වීම සඳහා මෙනුවක් තිරයේ දර්ශනය වේ.

අලුත් ගිණුමක් (New Account) ආරම්භ කිරීම සඳහා පහතින් දිස්වන “Sign Up” ටැබ් එක ක්ලික් කරන්න.

  • හතරවන පියවර

එහි දිස්වන පොරෝමය (Form) එක පුරවන්න.

  1. ඔබ ශිෂයෙක් නම්,
  • ඔබ පාසල් වයසේ  සිසුවෙක් නම් එම පොරෝමය පිරවීමේදී “Student” ලෙස තෝරන්න.
  • ඔබ විශ්වවිද්‍යාල සිසුවෙකු නම් පොරෝමය පිරවීමේදී “University Student” ලෙස තෝරන්න.
  • ගිණුම සාර්ථක ලෙස සදා නිම කල පසු ලංකා සිතියමක් සහිත රුපයක් ඔබේ දුරකථන තිරයේ දිස්වේවි.
  1. ඔබ ගුරුවරයෙක් හෝ වෘත්තීයවේදියෙක් නම්,
  • පොරෝමය පිරවීමේදී ” Tutor” හෝ “Professional” ලෙස සිලෙක්ට් කරන්න
  • ඉන්පසු ඇප් එක තුල සඳහන් කරන උපදෙස් අනුගමනය කරන්.

PicknLearn හි ශිෂයෙකු වීමට ඔබත් කැමතිද?

ඔබත් ඉගෙනීමේ අද්විතීය අත්දැකීම් සොයන්නෙක්ද?

ඉතාමත් පහසු ප්‍රවේශයක්

  • තාක්ෂණයෙන් දියුණු එමෙන්ම අධි – සම්බන්ධිත ලෝකයේ, PicknLearn වන අපට අවශ්‍ය වන්නේ ඔබේ ජීවිතය තවත් සරල කිරීමටය.

ඔබට ගැලපෙන විව්ධ ආකාරයේ උපකාරක පන්ති

  • අප විසින් පරිශීලකයන්ට නොමිලේ ලබාදෙන ඇප් එක තුලින් ශාස්ත්‍රීය (Academic) වේවා (ගණිතය, භෞතික විද්‍යාව, භූගෝලය සහ අනෙකුත් විෂයන්) ශාස්ත්‍රීය නොවන (Non – Academic) වේවා (යෝගා, නැටුම්, චිත්‍ර, සංගීතය ආදී විෂයන්) මේ සියලු විෂයන් වලට සරිලන සුදුසුකම්ලත් ගුරුවරුන් හා සම්බන්ධ වීමට සිසුන්ට මෙම ඇප් එක හරහා අවකාශය සලසා ඇත.

ඔබේ අනාගතය ගොඩනගාගන්න

  • බොහොමයක් දියුණු ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් පවසන දෙයක් තමයි ” ඔබට කළ හැකි හොඳම ආයෝජනය නම් ඔබ විසින්ම ඔබ ගොඩනගා ගැනීමයි”. අද දින ඔබ කරන කැප කිරීම් තුලින් හෙට දින ඔබේ වෘත්තිය වඩා පලදායි එකක් වන බවට සහතික කරයි. 

PicknLearn හි ගුරුවරයෙකු වීමට ඔබත් කැමතිද?

පරණ තලේ ක්‍රම වලට උගන්වලා එපා වෙලාද ඉන්නේ?

ඔබ කැමති තැනක සිට වැඩ කරන්න

  • ඔබ වැනි පරිපුර්ණ උපදේශයකයන් සහ ගුරුවරුන්ව PicknLearn හි දහස් ගණනින් වූ ශිෂ්‍යන් සොයමින් සිටි. ඔබ කොහේ සිටියත් ඔබට සුවපහසු ආකාරයෙන් ඔබේ කාර්යයේ නිරත වන්න.

නම්‍යශීලි වේලාවන්

  • ඔබට වැඩ කල හැකි වේලාවන් සහ අය කරන ගාස්තු පිළිබඳව ඇප් තුල දී ඇති වැඩසටන් තුළ සඳහන් කරන්න. ඔබේ වැදගත් තොරතුරු සඳහන් කරන්න – ඔබට ඇති සුදුසුකම්, උපකාරක පන්ති පැවැත්විය හැකි වේලාවන්, ඔබේ ගාස්තුව සහ ඔබගේ සාර්ථක ඉගැන්වීම් පිළිබඳව ඇති කතාවන්ද ඇතුලත් කිරීමට අමතක කරන්න එපා.

ඔබේ දැනුමට අනගි මිලක්

  • ඔබගේ ඉගැන්වීමේ ආශාව තුල ජිවත් වෙමින් මුදල් උපයන්න. PicknLearn සමඟ අදම ඔබේ ඩිජිටල් ගමන ආරම්භ කරන්න. PicknLearn ඇප් එකට ලොග් වී ඔබේ ඉපයීම් වැඩිකරගන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *